iranama
ගුරු ගේ අපලයෙන් මිදෙන්න විශේෂ
ග්‍රහ පූජාවක්
සෞරග්‍රහ මණ්ඩලයේ බලවත්ම ග්‍රහයා හෙවත් දෙවියන්ට ද ගුරු වූ හෙයින් සුරගුරු නමින් විරුදාවලිය ලද ගුරු ග්‍රහයා ලබන 14 වැනි අඟහරුවාදා උදේ 6.20 ට මෙතෙක් ගමන් කළ කටක රාශියේ සිට තම මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශිය වෙත සම්ප්‍රාප්ත වේ.
වසර 12 කට පසු සිදුවන මෙකී ගුරු මාරුව මෙම වසර තුළ සිදුවන ඉතා සුවිශේෂී ග්‍රහ මාරුවක් ලෙස හැඳින්විය හැකි අතර එතැන් සිට වසරක පමණ කාලයක් ගුරු ග්‍රහයා තම මිත්‍ර රාශිය වන සිංහ රාශියේ පසුවන අතර, එම කාලය තුළ මේෂ, කටක, තුලා, ධනු, කුම්භ ලග්න හිමියන්ට ඉතා සුබ ඵලද, වෘෂභ, මිථුන, සිංහ, ලග්න හිමියන්ට මධ්‍යම වශයෙන් ද කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන්ට පීඩාකාරී තත්ත්වයන් ද උදාවීමේ හැකියාව පැවතිය ද කේන්ද්‍රයේ සිටින අනෙකුත් ග්‍රහයන් අටදෙනා පිහිටා සිටින ආකාරය අනුව මෙම තත්ත්වයන් වෙනස් විය හැකිය.
කෙසේ වෙතත් ගුරු මාරුවත් සමඟ ඇතිවන්නා වූ අසුබ තත්ත්වයන් සමනය කරගනිමින් සතුටින් සමනයෙන් ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇතිකර ගැනීම පිණිස ගුරු ග්‍රහයා වෙනුවෙන් පොදුවේ ඕනෑම ජන්මියකුට සිදුකළ හැකි විශේෂ පූජාවක් නැකත පාඨක ඔබ වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමු. 14 වැනි අඟහරුවාදා උදේ 6.20 ට බෝධියක් අසලට ගොස් පංචශීලය සමාදන්ව තැඹිලිතෙල් පහන් නිවසේ සිටින සාමාජිකයන් වෙනුවෙන් එක් අයෙකුට එක පහන බැගින් දල්වන්න. කහ පැහැති මල් හා සුවඳ දුම් පූජා කර කහ පැහැති මල්වලින් සාදාගන්නා මල් මාලයක් සමග ගුරු අපලය දුරුවේවා යනුවෙන් ලියන ලද කහ පැහැති කොඩියක් සියලු දෙනාටම ගුරු ග්‍රහයාගෙන් වන්නා වූ යම් පීඩාවක් තිබේ නම් ඒවා දුරුකර දෙන මෙන් ඉල්ලා බෝධියේ ඊසාන දිසාවේ එල්ලන්න.
අනතුරුව පෙරා ගන්නා ලද පැන් කළයක් ගෙන එය දසදිසා පිරිතෙන් 21 වරක් පිරිත් කර බෝධිය නාවා ගුරු පීඩාහර ස්ත්‍රොaතය ගුරු ස්තෝත්‍රය ගායනා කරමින් හා සෙත් කවිය කියමින් බෝධිය වටා තුන්වරක් ගොස් වන්දනාමාන කටයුතු අවසන් කර සෙත් පිරිත් සඡ්ජායනා කර දෙවියන්ටත් විශේෂයෙන් ම ගුරු අපල දුරුකර ගැනීමට මහා බ්‍රහ්මයාට පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථනා කරන්න.
මේ ආකාරයෙන් එදින ආරම්භ කරන මෙම ග්‍රහ පූජාව එතැන් පටන් බ්‍රහස්පතින්දා දිනවල ගුරු හෝරාවෙන් එනම් උදේ 6.00 - 7.00 අතරත් රාත්‍රි 8.00 - 9.00 අතරත් ඉහත කී ආකාරයෙන්ම පවත්වමින් පවුලේ සියලු දෙනාම වෙනුවෙන් ම සෙත ප්‍රාර්ථනා කිරීම තුළ ගුරු ග්‍රහයාගෙන් එල්ල වන්නා වූ යම් බාධාවක් ඇත්නම් එය දුරුවී යනු ඇත.
ගුරු පීඩාහර ස්තෝත්‍රය
දේව මන්ත්‍රී විශා ලක්ෂං
සදා ලෝක හිතේ රතඃ
අනේක ශීෂ්‍ය සම්පූර්ණ
පීඩා හරතු මේ ගුරුඃ
ගුරු ස්තෝත්‍රය
සිම්බලී කාලිකා කාරෝ
භෝග ප්‍රකාර කාරකඃ
කේවලා කාංචනා හංස
ආරෝග්‍යා යූ පුදො බුqධ
දේව මන්ත්‍රී මහා තේජෝ
ගුරුඃ ශාන්තිං ප්රවිඡ්ජතු
සෙත් කවිය
ඇස් හිස් මස් ලේ දන් දී පෙරදා
පෙරුමන් බලයෙන් මරුවන් පරදා
ලෝක විදූ ගුණ තිලොවට විහිදා
ගුරු ග්‍රහයා අපලය දුරලන් සැමදා
Wmqgd .ekSu